අද වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල කොරෝනා උප පොකුරු නිර්මාණය වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මූලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් වාර්තා වෙමින් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.
කොළඹ මහ නගර සභා සීමාවේ උතුරු කොලඹ පැවති අර්බුදය මේ වන විට නගර සභා සීමාවේ අනෙක් සීමාවන් වලටද පැතිරෙමින් ඇතැයිද ඒ මහතා පැවසීය.
කොරෝනා ආසාදිතයන් වාර්තා වීම පෙර පරිදිම සිදුවන බවත් පැවසූ ඔහු වසංගත රෝග විද්‍යාඥයන්, විශේෂඥ වෛද්‍යවරුන් වෛරසය සමාජ ගත වී නැතැයි පැවසුවද සත්‍ය තත්වය මෙය බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.