කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් ආදාහනය කිරීමට එරෙහි විරෝධයක් බේරුවල නාගරික මන්ත්රීවරුන් පිරිසක් විසින් සිදු කළහ.
බේරුවල නගර සභාව ඉදිරියේ දී නිහඬ විරෝධතාවක යෙදෙමින් ඔවුන් සඳහන් කළේ රටවල් 184 කොරෝනා මෘතදේහ දානෙට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර දී නැති බවයි.
මුස්ලිම් ජාතික මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නැයි ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔවුහු කියා සිටියහ.
