gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බ්‍රිතාන්‍යයේ ඇති නව කොරෝනා වෛරසය මැදපෙරදිග රටවල සිට පැමිණෙන පිරිස් හරහා මෙරටට ව්‍යාප්තවීමේ අවදානමක් – අනතුරු ඇඟවීම මෙන්න

බ්‍රිතාන්‍යයේ සහ අප්‍රිකාවෙන් වාර්තාවී ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැදපෙරදිග රටවල සිට පැමිණෙන පිරිස් හරහාද මෙරටට ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ අදාළ නව වෛරස් ප්‍රභේදය සිංගප්පූරුව, ඊශ්‍රායලය වැනි රටවලින්ද මේ වනවිට වාර්තාවීම තුළ එම නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.

මේ අතර කොරෝනා නව ප්‍රභේද පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර සතුව නොමැති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ  සභාපති රවී කුමුදේෂ් පවසනවා.

කෙසේ වෙතත් මෙම නව ප්‍රභේද හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් පහසුකම් ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ.

එමෙන්ම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේ කොරෝනා මැඩලීම සඳහා නිපදවා ඇති එන්නත් මෙරටට කඩිනමින් ගෙන්වාගැනීම සඳහා කටයුතු කරන බවයි.

එමෙන්ම ඊට අවශ්‍ය අනෙකුත් පහසුකම් සකස් කිරීම සඳහා ද මේ වනවිටත් කටයුතු සූදානම් කර අවසන් බවද ඔහු කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka