මේ වනවිට සියලු ක්ෂේත්රවල පුද්ගලයන් සමාජයට පැමිණ ඇති බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරමින් සිටින නමුත් කලාකරුවන්ට පමණක් තවමත් නිවසට වී සිටින්නට සිදුව ඇති බවත් ප්‍රවීන කලාකරු නලින් පෙරේරා මහතා පවසනවා. කලාකරුවන් පමණක් ගෙවල්වල තබාගෙන සිටීමෙන් ඇතිවන සෙත කුමක්ද යන්න ගැටලුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කලාකරුවන් අද 'එල්ලෙන්න වැලේ වැල් නැති' තත්ත්වයට පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.
මේ නිසා කලාකරුවන්ටද ඔවුන්ගේ සාමාන්‍ය කටයුතු සිදුකර ගැනීමට සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දෙන ලෙස ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි නලින් පෙරේරා මහතා අවධාරණය කරන්නේ.
