විපක්ෂ නායකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුළුල් සන්ධානයක් පිහිටු විමේ කටයුත්තක නිරතව සිටින බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවා සිව් වසරක් ගතවිම නිමිත්තෙන් (18) දින නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේදි පැවති ජන හමුවකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.
ලංකානු ඉතිහාසයේ ගොවියාට ලැබුණු හොදම වි මිල ලැබුණේ මේ ආණ්ඩුවෙන් රු 65 යි.
නිෂ්පාදිත මිල රු 28යි, අල කිලෝවක් රු 270 යි , නිෂ්පාදිත වියදම රු 70යි.
ගොවියට පොහොර ටික දෙනවා, බිජ ටික දෙනවා. ඔක්කොම රජයෙන් දෙනවා.
මේච්චර කරලද ආණ්ඩුව ෆේල් කියන්නේ?
විපක්ෂය කියනවා ආණ්ඩුව ෆෙල් කියලා, අවුරුදු පහට එක පුද්ගලයෙක්ට රැකියාවක් දෙන්න බැරි වුණා.
මේ රටේ මිනිස්සුන්ගේ මුදල් මංකොල්ල කැවා , අද කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ෆෙල් කියලා.
විපක්ෂය හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේදි කැ ගැහුවා කියලා , මහර දෙන්නෙක් තුන්දෙනෙක් මැරුණා කියලා , කොරොනා රෝගින් වැඩි වුණා කියලා , මේ ආණ්ඩුව අසාර්ථකයි කියලා.
අද හොද නායකයෙක් ඉන්නවා , වැඩ කරන නායකයෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවා.
කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න අපි කටයුතු කරනවා, අපේ ආයතන තුල රැකියා අවස්තා තියෙනවා.
ලබන අවුරුද්ද වන විට මේවාගේ රැකියා අපි පටන් ගන්නවා.
පසුගිය අවුරුදු පහෙදි සිදු වුණ සංවර්ධනයක් නැ.
හදිස්සිය වැඩි අපේ කට්ටියගේ ආණ්ඩුව පත් වුණ ගමන් රැකියා ඕනි , ටක් ගලා ඕනි.
කොරොනා නිසා එක සංචාරකයෙක් රටට එන්නේ නැ, විදේශ ශ්‍රමිකයින් රටට සල්ලි ටික එවන්නේ නැ.
ඒ තත්ත්වයත් සමග තමයි මේ ආණ්ඩුව මේ කටයුතු කරන්නේ.
පක්ෂයක් හැටියට වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් ඉන්නේ අපේ පක්ෂයේ.
විපක්ෂයේ සජිත් ප්‍රේමදාස එහෙම පුළුල් සන්ධානයක් හදන්න කටයුතු කරමින් ඉන්නවා. ගෝඨාභය විරෝධි.
කවුද මේ පුළුල් සන්ධානයේ ඉන්නේ?
චම්පික රණවක, අනුර දිසානායක ,සුමන්දිරන් , රිෂාඩ් බදුර්ඩින් , රවුෆ් හකිම් , කවුද මේ?
පසුගිය කාලයේ මේ රටේ සල්ලි මංකොල්ල කාපු උන් ටික. අන්තවාදය ,ත්‍රස්තවාදය ඇති කරපු වපුරපු උන් ටික.
අපිත් කැමති මේ සන්ධානය එනවා නම්. චම්පික රණවක , සජිත් ප්‍රේමදාස , මංගල සමරවිර , චන්ද්‍රිකා කුමාරතුංග ඒ සන්ධානයේ නායකකම ගන්න බලන් ඉන්නවා.
පසුගිය කාලයේ චංවා සිදු කල අයට නිතිය ඉෂ්ඨ වෙන් ඕනි.
ලබන අවුරුද්දේ මැද වගේ වෙනකොට කොරොන එන්නතක් සොයාගෙන වෛරසය නැති කරන්න පුළුවන් වෙයි කියලා.
2019 වසරේ හිටපු ජනාධිතිවරයා ජනාධිපති ලේකම් කාර්යයාලයට වැය කරලා තියෙනවා බිලියන 3.2 ක්. වත්මන් ජනාධිපතිතුමාගේ වියදම බිලියන 1.2 යි. යනුවෙන් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
