මුතුරාජවෙල තෙත්බිමෙහි හෝටලයක් ඉදි කිරීමට අක්කර 600ක් ලබා දීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් කිසිදු අනුමැතියක් ලබා දී නැති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. මුතුරාජවෙල තෙත් බිමට අයත් අක්කර 600ක් හෝටලයක් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනුමැතිය දී ඇතැයි පළවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවක් අමතමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිසර අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලබා දී ඇතත්, පරිසර අධ්‍යයනය කුමක් කීවද, ඒ සම්බන්ධව අවසාන තීරණය ගනු ලබන්නේ මහජනතාවගේ මතය විමසීමෙන් පසුව බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් සංවේදී පරිසර කලාපයක් වන මුතුරාජවෙල තෙත්බිම අභයභූමියක් වශයෙන් ගැසට් කිරීම සඳහා ඊට අයත් ඉඩම් ප්‍රමාණය මේ වන විට මැන අවසන් කර ඇති අතර ඊට මුතුරාජවෙල තෙත් බිම අවසාන වන මෝය ප්‍රදේශය පවා ඇතුළත් කර තිබේ. මුතුරාජවෙල තෙත් බිම් කලාපයට අයත් ඉඩම් මැන ගැසට් කිරීමෙන් පසුව කිසියම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අයත් යැයි කියන කිසියම් ඉඩම් ප්‍රමාණයක් හෝ ගැසට් කළ ප්‍රදේශයට අයත් නම් ඔවුන් ඉන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මුතුරාජවෙල තෙත් බිම අභයභූමියක් වශයෙන් නම් කිරීම වැදගත් වන්නේ ඊට අයත් වපසරිය වෙන් කිරීම මගින් බවත් කිසිදු පුද්ගලයකුට මෙම වටිනා තෙත් බිම විනාශ කිරීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා වන නීතිමය පියවර ක්‍රමානුකූලව අදියරෙන් අදියර ගනිමින් සිටින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
පරිසර අධ්‍යයනයක් සිදු කිරීම යනු පවරා දීමක් නොවන අතර කිසියම් ඉදි කිරීමක් කළ යුතු වන්නේ පරිසර අධ්‍යයන වාර්තාව මගින් පමණක් නොව ඒ සම්බන්ධව මහජන මතය විමසීමෙන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එම නිසා මුතුරාජවෙල තෙත්බිම් අභයභූමියේ හෝටලයක් සඳහා අක්කර 600ක් පවරා දීමට කටයුතු කර ඇතැයි යන්න පදනම් විරහිත බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
– Divaina
