පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වය වගේම කාදිනල් හිමිපානන් පවා ප්‍රසාදයක් නෑ යයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසිනුයි උසාවියට ලබාදෙන්නේ. පාර්ලිමේන්තුවේ ගරු මන්තී‍්‍රවරයකුගේ වගකීම තේරුම්ගන්න.
ශ්‍රේෂ්ඨාධිකරණය හෝ ලංකාවේ ඕනෑම අධිකරණයක වැඩ කටයුතු හරියට වෙනවද නැද්ද කියලා හොයලා බලන්න පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට අයිතියක් තිබෙනවා. මොකද අපි තමයි අධිකරණයට බලය ලබාදීලා තිබෙන්නේ.
කථානායකතුමනි, පාස්කු කොමිෂමක් පත්කෙරුවා. නමුත් පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව අපේ මන්තී‍්‍රවරුන්ට සැකයක් තිබෙනවා. කාදිනල්තුමා ඒ පිළිබදව සදහන් කරලා තියෙනවා. කාදිනල්තුමාගේ ප්‍රකාශයක් අනුව එතුමා අහන්නේ බෝම්බ තියපු අය අල්ලන්නේ කවදාද කියලයි. හිටපු අගමැතිතුමාව ගෙන්වනවා.
හිටපු ජනාධිපතිතුමාව ගෙන්වනවා, හිටපු පොලිස්පති. හිටපු ආරක්ෂක ලේකම් කොමිෂමට ගෙන්වනවා. නමුත් මම කියන්නේ මේ අය බෝම්බෙ තිබ්බේ නෑනේ. බෝම්බෙ තියපු අයව අල්ලන්න. මේක තේරුම්ගන්න ගරු අගමැතිතුමා.
පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව පාර්ලිමේන්තුවේ දෙපැත්තම වගේම කාදිනල් හිමිපානන් පවා ප්‍රසාදයක් නෑ. ඒ නිසා පාස්කු කොමිෂම යන දිශාව පිළිබදව අපි විවාදයක් ඉල්ලා සිටිනවා.
– මාධ්‍ය ඒකකය.
