gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහජන උපයෝගීතා කොමිසම ගැන තීන්දුවක් ගත්තේ 69 ලක්ෂයේ ජනවරම අනුවයි - කෙහෙළිය

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධානතම නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධයෙන් යම් දේශපාලන වටපිටාවක් තුළ රජය තීරණයක් ගත්තේ 69 ලක්ෂයක ජනවරමට අනුව බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

"පහුගිය මැතිවරණයේදී 69 ලක්ෂයක් ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සාක්ෂි දැරුවා. ඒවගේම ලංකාවෙ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් පළවෙනි වතාවට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට හැකිවුණා. එහෙම නම් සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි එවැනි අවස්ථාවලදී මෙවැනි විවිධ ආයතනවල සිටින ප්‍රධානීන්, විශෙෂයෙන්ම සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙලා නැවත පත්වීමේ සම්ප්‍රදායක් එදා සිටම මේ රටේ පැවතුණා. 

ඉතින් අවුරුද්දක් අපි බලාගෙන සිටියා, ඒ අවුරුද්ද තුළ අපට ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තිබ්බා. විශේෂයෙන් විදුලිබල මණ්ඩලයේ සංවර්ධනය සම්බන්ධව අපට සාධාරණ සැකයකුත් මතුවෙලා තිබෙනවා යම් යම් අවස්ථාවලදී යම් යම් කණ්ඩායම් හිතාමතාම සෞභාග්‍යයේ ඉදිරි දැක්ම අඩාල කිරීමට කටයුතු කරනවද කියලා. එනිසා අපට තීන්දු ගන්න සිද්ධ වෙලා තියෙනවා. නියත වශයෙන්ම ඒ තීන්දුව අරගත්තෙ යම් හේතු සාධකත් එක්ක. 

අපට අපේ තියෙන වාර්තා එක්ක යම් යම් ව්‍යාපෘති හිතාමතා ප්‍රමාද වීමේ සැකයක් අපි ගාව තියෙනවා. සැකයක් පමණක් නෙවෙයි, පෙළක් ඒවා අපට දැනෙනවා ඉතාමත්ම කල්දැමීමේ උපායමාර්ගයක් පාවිච්චි කෙරෙනවා කියලා. ඒනිසා නීත්‍යානුකූලව එය ඉවත් කරමින් ඒ හා සමාන්තරව නැවත වරක් පත්කිරීමක් ඉතාමත් මෑතකදී කරන්න මේ සමගම යෝජනා වෙලා තිබෙනවා. මේ සම්බන්ධව මේ කර්තව්‍යය ඉතාමත්ම සාධාරණව සහ විධිමත්ව ක්‍රියාත්මක කිරීමට. 

මෙය යම් මට්ටමක දේශපාලනික වටාපිටාවක් තිබෙනවා. ඒවගේම ඒ දේශපාලනික වටාපිටාව තුළ රටේ 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දීලා තියෙන තුනෙන් දෙකක බලය ලබලා දීලා තියෙන රජයට වැඩකර ගැනීමේ බාධාවන් තියෙනවා නම් ඒවා ඉවත් කර වැඩකරගැනීමේ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. ඒ ප්‍රතිපත්තිය අනුව මේ ක්‍රියාමාර්ගය අරන් තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මහජන උපයෝගීතා කොමිසම වසාදමන ලෙස මීට සති තුනකට පෙර ජනාධිපති ලේකම්වරයා විසින් මහාභාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණු අතර ඊට එරෙහිව විපක්ෂයෙන් විරෝධතා නැඟුණි. විශේෂයෙන් එම ලිපියෙහි නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන්ම පවා විරෝධතා පළ කෙරෙමින් තිබියදී ජනාධිපති ලේකම්වරයාට ජයග්‍රහණය හිමිකර දෙමින් එම කොමිසමේ සියලු සාමාජිකයින් හදිසියේ ඉල්ලා අස්වූ ආකාරයක් ද දැකගැනීමට හැකිවිය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka