gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා - වක්කුඹුර

‘රජය කිසිම කලබලයක් නැහැ පලාත් සභාව තැබීම සම්බන්ධයෙන්. අපිට එහෙම කලබලයක් වෙන්න ඕනෙත් නැහැ ජනාධිපතිතුමා අපේ ආන්ඩුව අපේ ප්‍රාදේශීය සභාව අපේ. ඒ පිළිබදව අපිට කිසිම ප්‍රශ්ණයක් නැහැ. හැබැයි මේ රටේ මැතිවරණ සිතියම හකුලෝල තියනව. මේ රටේ පලාත් සභා ක්‍රමයක් තිබුනා අද පලාත් සභා මන්ත්‍රී වරුන් නැති වූනාට අනෙකුත් සියලුම කටයුතු තියෙනව. අපි නව ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් ගෙනත් ඒ යටතේ මේ පලාත් සභාව තියනවද නැද්ද මේ බලය තව කාටහරි බෙදනව නැද්ද කියන එක එනකම් මේ පලාත් සභාව කාටහරි ඕනේ නැහැ කියන්න පුලුවන්. හැබැයි පලාත් සභාවක යන වියදම මේ මන්ත්‍රීවරුන් නැති වුනාට ඒ ආකාරයෙන්ම යනවා’ යයි අපනයන ප්‍රවර්ඹන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම අවස්ථාව සදහා ගොවි අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති ගයාන් මේනුක දිසානායක මහතාද සහභාගී විය.

මෙහිදී පවැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වරයා,

ජනතාව තෝරාගන්නා පිරිසක් තමයි ජනතාවට උදව් කරන්න පත්වෙන්නේ. මේ අකුලපු පලාත් සභාව නැවත වරක් එනවනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් එන්න ඕන. අපිට ඒ දවස්වල බැන  බැන හිටියා පලාත් සභාව තියන්නේ නැහැ කතියල. අපි යම් කිසි වැඩ පිළිවෙලක් කරන්න හදනකොට අහනවා ඇයි තියන්නේ කියල.

දේශීය වෙදකම පිලීබදව අදටත් ගොඩක් දෙනෙකුගේ විශ්වාසය තිබෙනවා. ඒ විශ්වාසය මත පදනම් උන දහස් ගණනක් දෙනා ඒ වෙද මහත්තයා හොයාගෙන යනවා. මේ විපක්ෂය ලෝකයේ අනෙක් රටවල් සොයාගන්න ඒව ගැන මොකුත් කියන්නේ නැහැ. ඇමරිකාව හොයනවා. චීනය හොයනවා එංගලන්තය සොයනවා ඒ හොයන කොටම විපක්ෂයේ අය කියන්නේ ඇයි ඒවා ලංකාවට ගෙන්න ඕඩර් කලේ නැත්තේ කියල. හරියටම ලෝක සේඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොකර විපක්ෂ නායක වරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඇයි ඒක ගෙන්වන්න කටයුතු කරන්නේ නැත්තේ කියල.

මේක ගෙන්නන්නේ නැත්තේ කියන කෙනා දැන් අහනවා මේ පැණිය දීල හරිද කියල. මේක අපේ රටේ කෙනෙක් හොයාගත්තේ. හරියටම මේක විද්‍යානූකූලව පරික්ෂණ අවසන් උනාට පස්සේ  අපි බලමු. මම එතෙක් රටේ සියලු දෙනාට කියනවා මේකට සහයෝගය දක්වන්න. මේ බෙහෙත අපේ රටෙන් සොයාගන්න ලැබුනොත් කොරෝනා වලට බෙහෙතක් හැදූ ලෝකයෙන්ම ප්‍රථම රට බවට අපේ රට පත් වෙනවා. අපිට ඒ ගෞරවය ලැබෙනව. ඒ නිසා අපි විපක්ෂයටත් අනෙකුත් අයටත් කියනවා මේක අවසන් වෙනකම් පුංචි කාලයක් දෙන්න කියල.

දැන් විපක්ෂය බොන්නේ නැහැකියන කට්ටිය අනුන්ට දුන්න කියන අය දැන් චෝදනා කරනවා. දැන් කියනවා ඒ අයට හම්බ උනේ නැහැ කියනවා. මේ අය හොරෙන් මේක බීල ඒ අය ආරක්ෂා වෙන්න හදනවා. හැමදාම විපක්ෂය කලේ මේ වගේ. පැණිය බොන්න ඕනනම් කතානායක තුමාට කියල ඉල්ලන් බොන්න තිබුනා.

– ප්‍රගීත් ජනක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka