හෙළ වෙදකම හෝ දේශීය වෙදකම හෝ පිළිබඳව බටහිර වෛද්‍යවරුන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් එවැනි ක්‍රමයකින් හෝ කොවිඩ් 19 වෛරසය මර්දනය කළ හැකි ඖෂධයක් සොයාගත හැකි වුවහොත් එය රටට පමණක් නොව සමස්ත ලෝකයටම ජයග්‍රහණයක් බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.
කෙසේ නමුත් එකවර පහළ වන විවිධ පැණි වර්ග හේතුවෙන් හා ඒවා නිසි ක්‍රමවේදයක් හරහා පරීක්ෂා නොකර ජනතාවට ලබාදීමෙන් සිදුවන්නේ හෙළ වෙදකම එසේ නැතහොත් දේශීය වෙදකම ලෝකය ඉදිරියේම විහිළුවට ලක්වීම බවයි එම සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසන්නේ. මේ නිසා ආයුර්වේද වෛද්‍යවරුන්, හෙළ වෙදුන් විසින් ඉදිරිපත් කරන ඖෂධ විද්‍යාත්මක පදනමකින් සිදු කරන පරීක්ෂණ හරහා නිශ්චිතව තහවුරු කරගත යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
ආයුර්වේද කොමසාරිස්වරයාට අනුව මේ වනවිට කොරෝනා වෛරසය මර්දනය කළහැකි බව පවසන බෙහෙත් වර්ග 25 ක් පමණ ලියාපදිංචිය සඳහා ඉදිරිපත්ව ඇති බව පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ ඒ කිසිවක් මේ දක්වා නිශ්චිත විද්‍යාත්මක පදනමක් හරහා තහවුරු වී නොමැති බවයි. එසේම මෙම හඳුන්වා දී ඇති ඖෂධවල අන්තර්ගත ඇතැම් බෙහෙත් වර්ග සම්බන්ධයෙන්ද ආයුර්වේද වෛද්‍ය බළධාරීන් මත පළකර ඇති බවත් ඔහු පවසනවා.
හෙළ වෙදකමේ හෝ ආයුර්වේදයේ හෝ බටහිර වෛද්‍ය ක්රමයේ හෝ මේ ඕනෑම ක්‍රමයකින් විද්‍යාත්මක පදනමකින් තහවුරු කරගත් ඖෂධයක් නිශ්චිතව හඳුනා ගන්නා තෙක්, නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් වෛරසයෙන් ආරක්ෂා වී සිටීම මේ මොහොතේ වඩාත් වැදගත් කරුණ බවද හරිත අලුත්ගේ මහතා අවධාරණය කරනවා.