අවිස්සාවේල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කාර්මාන්ත ශාලාවකින් නැවත කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක් පවතින බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කාමදේවන් මහතා පවසන ලද්දේ පසු ගිය දිනවලදි කලුගල මාර්ග බාධකයේදි සිදු කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂනවලදි හදුනා ගත කොවිඩ් ආසාදිතයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන අයවලුන් බවත්ය.
එම තත්වයන් මත මෙම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් පොකුරක් බිහි විමේ අවදානමක් පැවතින බවත් මෙම තත්වයන් පිලිබදව අදාල අංශ දැනුවත් කර ඇති බවත්ය.
කලුගල ප්‍රදේශයේ සිදු කරනු ලබන පි. සි. ආර්. පරික්ෂන තුලින් මේ වන විට විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයන්ට පැමිනෙන කොවිඩ් ආසාදිතයන් පිරිසක් හදුනා ගෙන ඇති බවත් එම තත්වයන් මත මෙම ස්ථානයේ තව දුරටත් අහඹු පි. සි.ආර්. පරික්ෂාවන් ිදු කිරිමට පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.
– මනුර සුදත් සෙල්ලහේවා හැටන්
