2019 පාස්කු ඉරිදා දින ත්රස්ත ප්රහාරයෙන් විපතටපත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්රහාරයට ලක්වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (16) දින අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි.
මෙම සාකච්ඡාවේදී පාස්කු ඉරිදා ප්රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම ගැන අගරදගුරුතුමන් විසින් අග්රාමාත්යතුමන් අැතුළු රජයට ප්රශංසා කිරීම කැපී පෙනුනි.
පසුගිය රජයෙන් කප්පාදු කල පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට ගෙවීමට ඇති සියළුම සහන ගෙවීමට අගමැතිතුමා තීරණය කළේය.