තවත් වසර හතරකින් අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.
අද වන විට තත්ත්වය අනුව රාජපක්ෂලා ෆේල් බවත් සජිත් ප්‍රේමදාස පාස් බවත් ඔහු කියා සිටියේ අම්බලන්ගොඩ පැවති ජන හමුවක් අමතමිනි.
අද මෙරට තනිකරම ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති පාලනයක් බවත් රාජපක්ෂලාට ඡන්දය දුන් ජනතාවටද දැන් මේ ආණ්ඩුව දැන් එපා වී ඇති බවත් ඔහු එහිදී පැවසීය.
මේ තරම් කෙටි කාලයකින් ජනතාවට එපා වූ ආණ්ඩුවක් මෙතෙක් මෙරට බිහි වී නැතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
