ඉකුත් දා කොරෝනා වයිරසයට ඖෂධයක් සොයාගත් බවට පැවසු ධම්මික බණ්ඩාර පාරම්පරික වෙදෙකු නොව කපුවෙකු බව පූජ්‍ය දෙවලේහිඳ අජිත හිමි පවසයි.
පැණිය සොයා ගැනීමෙන් පසුව මෙරට සිටින රස්තියාදුකාරයන්ට, කසිප්පුකරයන්ට, අපරාධකාරයන්ට සියලු දෙනාටම දීමෙන් පසුව අන්තිමට ශ්‍රී මහා බෝධියට රැගෙන ගිය බවත් එහි දෙවන මළුවට නොව කනට ගසා එළවිය යුතු බව මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පූජ්‍ය දෙවලේහිඳ අජිත හිමි පැවසූහ.
දෙවිවරුන්ගේ ආරුඩ ගෙන සාස්තර කීම සහ නොයෙක් වැඩ කරන බව පැවසීම මනෝ ව්‍යාධියක් බවත් එවැනි මනෝ ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයකු කියන දේ පිළිගැනීමට තරම් මෙම සමාජය පෙළගස්වා ඇති බව උන්වහන්සේ සඳහන් කරයි.
බුද්ධිමත් මෙන්ම නවීන තාක්ෂණයක් ඇති යුගයක බුදුන්ගේ දහමට පටහැනිව යමින් දේව සංකල්ප පසුපස හඹාගොස් මංමුලා වීමට ජනතාව පෙළගස්වන බවට උන්වහන්සේ චෝදනා කරයි.
මෙවැනි දේ වලට උදව්කරන මාධ්‍ය ආයතන, මහා සංඝරත්නය, මෙන්ම මැති ඇමතිවරු ලැජ්ජා වියයුතු බව අජිත හිමියෝ පැවසූහ.
