gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී ඉවත් කර වෙනත් ජනාධිපතිවරයෙක් උවමනා වූයේ කාටද.. 2015 සිට මෙරට ජනාධිපති අගමැතිලා පත්වෙන්නේ විදේශයනට උවමනා ආකාරයට - දයාසිරි

2015 සිට මෙරට ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් පත් වන්නේ විදේශ රටවල බලපෑම් මත දැයි සැක සහිත බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රසිද්ධිය එකවරම කඩා වැටුණු බවද එනිසා ඔහු ජනාධිපතිවරණය ඉවත් කර වෙනත් වෙනත් ජනාදිපතිවරයෙකු පත්වීමටද එම ප්‍රහාරය හේතු වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වැටලීම් වැනි දේ හරහා ප්‍රසිද්ධියක් ලබා සිටි බවත් ඔහු ගෙදර යවා වෙනත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අවශ්‍ය වූයේ කාට ද යන්න ගැටළු සහගත බවත් ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka