අද වන විට මෙරට මෝටර් රථ ආනයන කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ දහම් පෙරේරා මහතා සඳහන් කරයි.
මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කළේ ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් බවටද ඔහු චෝදනා කරයි.
දැනටමත් වාහන විකුණන ආයතන වලින් 50% වැසී ගොස් අවසන් බවත් ඉතිරි ඒවාද වැසී යමින් පවතින පවතින බවත් ඔහු කියා සිටියි.
ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වාහන මෙරට නැතැයි ද පවසන ඔහු මුදල් අමාත්‍යාංශය මෙයට වග කිව යුතු යයිද පෙන්වා දෙයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
