කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති ලොව කිසිඳු එන්නතකට මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.
ඇය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන තෙක් කිසිදු කොරෝනා මර්ධන එන්නතක් මෙරටට ගැනීමේ හැකියාවක් නැති බවයි.
කොරෝනා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබීමට තව මාස තුනක්වත් ගතවනු ඇතැයි ද ඇය සඳහන් කළාය.
දැනට කොරෝනා මර්දනයට සඳහා ඉදිරිපත් වී ඇති එන්නත් අතරින් ඉදිරියෙන්ම සිටින ෆය්මර්, මොඩානා, ඔක්ස්ෆර්ඩ් යන එන්නත් 95% ක සාර්ථකත්වයක් පෙන්වා ඇතැයි ද ඇය කියා සිටියාය.
නමුත් මෙම එන්න සියල්ල පවතින්නේ තවමත් පර්යේෂණ තත්වය යටතේ බවත් එංගලන්තය රෝගීන්ට මෙම එන්නත ලබාදී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියට යටත්ව බවද ඇය කියා සිටියාය.
