එළඹෙන 19 වැනිදා සමගි ජන සන්ධානය සමාජගත කිරීමට නියමිතය.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානයට සභාපතිවරයෙකු, උප සභාපතිවරුන් තිදෙනෙකු, ලේකම්වරයෙකු, උප ලේකම්වරුන් තිදෙනෙකු ඇතුළු නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට නියමිතය.
එළඹෙන 19දා සමගි ජන සන්ධානය සමාජගත කිරීමෙන් පසු සමගි ජන බලවේගය ද එහි සන්ධානගත පාර්ශවකරුවෙකු වීමට නියමිත අතර එම සන්ධානයට මේ වනවිට සමගි ජන බලවේගය සමග සිටින හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්රගතිශීලී පෙරමුණ ඇතුළු පක්ෂ සන්ධානගත වීමට නියමිතය.
සමගි ජන සන්ධානය සඳහා නව ව්‍යවස්ථාවක් ද එදින හඳුන්වා දෙයි.
ජාතික හෙළ උරුමයේ ලේකම් ධුරයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉවත්වූ පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසද එම සන්ධානයේ සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටී.
දැනගන්නට තිබෙන ආකාරයට සමගි ජන සන්ධානයේ සභාපති ධුරය සඳහා මෙතෙක් කිසිවකු යෝජනා වී නොමැති අතර උප සභාපති ධූර තුන සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක හා දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරුන් පත් කරනු ඇති බව වාර්තා වේ.
