gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චම්පික සමගි ජන බලවේගයේ බලය අල්ලන්න සූදානම් - අතහිත තිස්සගෙන් !

(උපුටාගැනීම රාවය පුවත්පත) පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගය පක්‍ෂයේ බලය ඇල්ලීමේ සූක්‍ෂම මෙහෙයුමක් දියත් කරමින් සිටින බව සජබයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් රාවයට දැනගන්නට ඇත. චම්පික රණවක මන්තී‍්‍රවරයාගේ එම උත්සාහය සදහා සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක යන අයගේ සහයද ලැබෙමින් පවතින බව ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.

බදුල්ලේදී සජබයේ නව ව්‍යවස්ථාව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී එම ව්‍යවස්ථාවේ ඇතුලත් උප සභාපති ධූරය සදහා පත්වීමට පාඨලී චම්පික මන්තී‍්වරයාගේ සූදානමක් තිබෙන බවද දැනගන්නට තිබේ.

මෙම ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංගවලින් හෙබි එකක් විය යුතු බවට එජාපයෙන් ඉවත්වූ තරුණ මන්තී‍්‍රවරුන් ඇතුළුව සජබය සමග එකතු වූ වෙනත් පක්‍ෂවල සාමාජිකයන්ගේ අදහස වී ඇති බවද කියැවේ.මේ පිළිබදව සජබයේ ඉහළ පෙළේ කි‍්‍රයාකාරිකයකු වන මන්තී‍්‍රවරයකුගෙන් රාවය විමසූ විට පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව සජබයට පැමිණීම තුල පක්‍ෂ නායකත්වය පිළිබදව තවමත් ගැටළුවක් ඇතිවී නැති බවය. එහෙත් සිය පක්‍ෂයේ මන්තී‍්‍රවරයකු වන තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන්නම් ගැටළුවක් මතුව ඇති බවද ඔහු කීවේය. (උපුටා ගැනීම අවසන්)

මෙම පුවත පිළිබදව පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය දැඩි දෝෂදර්ෂණයට ලක්වී තිබේ. තවද තිස්ස අත්තනායක මහතා විසින් ” නොකියූ කථා ” ග‍්‍රන්ථය පලමු වරට පිරිනමනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටය. ඊට පසු එම ග‍්‍රන්ථය පිරිනමනු ලැබුවේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාටය. තම පක්‍ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට නොකියූ කථා ග‍්‍රන්ථය පිරිනමනු ලැබුවේ ඊට පසුවයි.

සැබවින්ම තිස්ස අත්තනායක මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට ලැදිව කටයුතු කරන පක්‍ෂයේ නියෝජිතයකුනම් ඒ මහතා කිසි දිනක එවැනි කි‍්‍රයාවක් නොකරනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන පරිදි තිස්ස අත්තනායක මහතා පක්‍ෂය තුල සිට පක්‍ෂය දෙකඩ කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉටුකරමින් ඇති බව රාවය පුවතින් සනාථ වන බව වැඩිදුරටත් කියා සිටියේය.

– repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka