gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ වෙලා - රන්ජන්

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔවුන් මේ වන විට හෝල් සේල් නිදොස් කොට නිදහස් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. 

කෙසේවෙතත් තමන් පාර්ලිමේන්තුවේ කතා කරන අන්තිම දවස මෙය විය හැකි අතර තමන්ගේ නඩුව අටවැනිදා කැඳවන බවත් ඔහු කියා සිටියේය. 


''අධිකරණය ගැන මම මේ සභාවේ කතා කරන අන්තිම දවස අද වෙන්න ඇති. මගේ නඩුව තියෙන්න 08 වැනිදා. මට නඩුව දැම්මේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතමයා. මම ගියා එතුමාගේ පුතා රඛිත රාජපක්ෂගේ වෙඩින් එකට. මම එද්දී වෙඩින් හෝල් එකට මම කලාකාරයෙක් විදිහට තරුණ තරුණියන් සෙල්ෆි ගත්තා. එතැනදී විජේදාස මහත්මයා  කතා කරලා  කිව්වා ඔයාට නඩුකාර නෝනලා එන්න කියනවා සෙල්ෆියක් ගන්න කියල මාව අතින් අල්ලාගෙන ගිහින් පද්මිණි රණවක ගුණතිලකට හඳුන්වා දුන්නේ  හිටපු අධිකරණ ඇමති දැන් ඉන්න අධිකරණ ඇමතිගේ ගුරා විජේදාස රාජපක්ෂ මහත්තයා. ඒවා තමයි තිත ඇත්ත. ඒවාට අදාල හඬ පට තියෙනව. වීඩියෝ පට තියෙනවා. මේ ආණ්ඩුවට අද කියන වචනය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව නෙවෙයි මේ ආණ්ඩුවට අද කියන නම තමයි ශ්‍රී ලංකා නිදොස් කොට නිදහස් කිරීමේ පෙරමුණ. හෝල් සේල් නිදෙස් කොට නිදහස් කරනවා. අපි ඇවිල්ල ඇතුලට දන්නා බොහොම උත්සහ කළා. මං එක කළේ සද්භාවයෙන්.''

මේ අතර රන්ජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බන්ධනාගාර ගටහ්ව සිටින ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වීම ආරම්භ කිරීම සමඟ ආණ්ඩු පක්ෂයෙන් ඊට දැඩි විරෝධයක් මෙන්ම බාධා කිරීම් විය.  

හැමදාම පොලිස් නිලධාරීන්ට වුණේ  මොකක්ද, එක්කෝ පනිෂ්මන්ට් ට්‍රාන්සර්, නැත්නම් ඝාතනය වුණා. නැත්නම් එලෙව්වා. ජරාව කන පොලිස් නිලධාරීන් ඉහළටම ගියා.

''මම හැමදාම තිත ඇත්ත කතා කළා. ඔය ශානි ගැන කියනවා නම්,(බාධා කරයි) මට කියන්න අවස්ථාව දෙන්න කරුණාකරලා. ශානි  කරපු කේසස් මොනවද? රෝයල් පාර්ක් නඩුව,ඒ නඩුවේ ගාමන්ට් ෆැක්ටරි ඕනර්ස්ලා මුලින්ම ඔෆර් කළා කෝටියක්. මොකද මෙයා තමයි DNA ලේ සාම්පල හොයා ගත්ත මනුස්සයා. එතකොට කරන්නාගොඩ නඩුව,එතකොට මහා බැංකු වංචාව,මහා බැංකු බැඳුම්කරවංචාව පවා විමර්ශනය කළේ ශානි අබේසේකර,පක්ෂ විපක්ෂ භේදයකින් තොරව. අපි හැමෝම ශානි  අබේසේකරට දුරකතනයෙන් කතා කළා. තොරතුරු ගත්ත මාධ්‍ය සාකච්ජා වලට යන්න ඉස්සරවෙලා, තොරතුරු අරන් දැනුවත් වෙලා තමයි අපි කතා කළේ. මම කතා කළේ සද්  භාවයෙන්. අපි හැමදාම වැඩ කළේ හොරුන්ව ඇතුලට දාන්න. අපේ පක්ෂයේ හොරුන්ව, විපක්ෂයේ හොරුන්ව ඇතුළට දාන්න මම  උත්සහ කළේ.'' යනුවෙන් රන්ජන් රමාණයක මහතා එහිදී කරුණු දැක්වීය.   
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka