gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වදකහ සුදියයි ධනපාලගේ පැණියයි දෙකම එකයි - රනිල්

මේ වන විට රටේ පවතින කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය රජය විසින් පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. බියගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේ. 

නැවතත් කොවිඩ් 19 වටයක් පැමිණ ඇති නමුත් එය මර්දනය කිරීමට පැහැදිලි වැඩපිළිවෙලක් ආණ්ඩුවට නොමැති බවයි වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේ.

එක එක්කෙනා කී පමණින් පැණි හෝ පෙති නොගත යුතු අතර ඖෂධ පාලන අධිකාරියේ අනුමත කර ඇති ඖෂධ පමණක් ගත යුතු බවයි හෙතෙම කියා සිටියේ. 

''ආපහු කොවිඩ් වටයක් එනවා පාසල් වහනවා බාර් වහනවා ඉතින් මේක තවම අවසාන වෙලා නැහැ. අද ලංකාවේ  වෙලා තියෙන්නේ පැණි ගන්නවා පෙති ගන්නවා මොනවා වෙයිද කියල දන්නේ නැහැ. 1955 සූර්යග්‍රහය නිසා අපිට කිව්වා මිනිත්තු හතක විතර කළුවර වෙනවා කියල. ඉතින් පත්තරවල දැම්මා  කළුවර වුණ ගමන්ම  වදකහ සුදිය ගත්තොත් තරුණ වෙනවා සුදුපාට වෙනවා ඉතින් දන්නවනේ කාන්තාවෝ හොරෙන් ගත්තේ පිරිමි අයත් අරගත්තා. හැන්දෑ වෙද්දී  තමයි ගෙවල්වල මිනිස්සු අසනීප වෙන්න පටන්ගත්තේ. ඉස්පිරිතාල පිරිලා ගදගහනවා කොවිඩ් වගේ නෙවෙයි. 

දැන් රජය ඇත්ත කියන්න ඕනේ මොකක්ද වෙන්නේ කියල. නොදන්නා ඒවා අරගෙන හරියන්නේ නැහැ. ඇමතිවරු එහෙම කරන එක වැරදියි. විහිළුවක් බවට පත්වෙනවා. ගන්නවා නම් ගන්න ඕනේ ලංකාවේ ඖෂධ පාලන අධිකාරියේ අනුමත කරලා තියෙන එකක්. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය ඔක්ස්ෆර්ඩ් පර්යේෂණයට
එකතුවෙලා තියෙනවා. අපේ ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඒකට ආධාර දීල තියෙනවා. බ්‍රිතන්‍ය මහා කොමසාරිස් විශ්ව විද්‍යාලයට දෙපාරක්, තුන්පාරක් ගිහින් තියෙනවා. අපේ ඇමතිතුමිය ගිහින් තියෙනවද ? හැබැයි එන්ජින්  ඔයිල් බෝන්න නම් දක්ෂයෝ. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කරන ප්‍රධානියාගේ දෙමව්පියෝ ලංකාවේ. මං  එක්ක ඉගෙන ගත්තේ අය. ඒ අයටවත් එක කෝල් එකක් දුන්නද මේ ආණ්ඩුව.'' යනුවෙන් වැඩිදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීය. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka