gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් කොරෝනා මෘදදේහ භූමදාන නොකලොත් සිංහල-මුස්ලිම් සංහිදියාව බිද වැටෙනවා..- කළුතර ලොක්ඩවුන් බිදගෙන විරෝධතා..

කොරෝනා මෘතදේහ ආදාහනයට එරෙහිව අද කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජානතාව හුදෙකලා ප්‍රදේශ මායිම් බිඳගෙන විරෝධතාවක් පැවැත්වූහ. කොවිඩ් රෝගය නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ආදාහනය කිරීම නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් බිඳ වැටෙන බවත් සංස්කෘතියට හානි වන බවත් එමගින් මෙතුවක් කල් පැවති සිංහල මුස්ලිම් සංහිඳියාව බිඳ වැටීමට හැකි බවත් ලෝකයේ රටවල් 182ක භූමිදානය සඳහා අවසර දී ඇති එම පිරිස කීහ.

මේ සඳහා ජනාධිපතිතුමාගේ ඉක්මන් අවධානය යොමු කර ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද බලකරමින් කළුතර වෙට්ටුමකඩ මොස්ක් ස්ට්‍රීට් හුදෙකලා කරන ලද ප්‍රදේශයේ සිට 200ක් පමණ පිරිසක් විරෝධතා පුවරුද රැගෙන මාර්ග බාධකය අසල විරෝධතාවයක නිරත වූහ.

ප්‍රදේශයේ පුරා සුදු කොඩි ප්‍රදර්ශනය කර තිබුණි. වීරෝධතාකරුවන් එහිදී ශන්දත් (මුස්ලිම් දේහයන් බහා තබන උපකරණයක්) ද, අනුරුවක්ද රැගෙනවිත් තිබුණි.

රජය මගින් ලබා දෙන ආහාර මළු හෝ සහනාධාර කිසිවක් අවශ්‍ය නොවන බවත් භූමිදාන අයිතිය පමණක් ඉල්ලා සිටියි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka