gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බූරවී සුලි කුණාටුවෙන් උතුරේ ප්‍රදේශ කිහිපයකට බලපෑම්.. නිවාස රැසක් ජයලයෙන් යටවෙයි..

බූරවී සුලි කුනාටු තත්වය හේතුවෙන් උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට හා නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවට දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකය කියා සිටියි.
උතුරු පලාතේ යාපනය , මුලතිව් , කිලිනොච්චිය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ප්‍රදේශ කිහිපයක මෙලෙස සුලි සුලං හා වර්ෂාව හේතුවෙන් හාන් සිදුව ඇති බවට වාරතා වෙයි.

මන්නාරම විඩත්තලතිව් ප්‍රදේශයේ නිවාස රැසක් වර් ෂා ජජලයෙන් යටවී ගංවතුර තත්වයක් ඇති තිබෙන අතරම ධීවර යාත්‍රා කිහිපයකට හානි සිදුව ඇති බවට ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටිති.

එමෙන්ම කිලිනොච්චිය කෝනාවිල් හා ක්නදපුරම් ප්‍රදේශයටද බලපෑ අධික සුලි සුලං තත්වයක් හේතුවෙන් ගස් කඩා වැටීම නිසා නිවාස රැසකට හානි සිදුව ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය පෙන්වා දෙයි,

එමෙන්ම මුලතිව් දිස්ත්‍රීක්කයේද කෝකිලායි , තන්නිරුත්තු , මුල්ලියාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයකට අධික සුලං තත්වයක් ඇති වීම නිසාවෙන් නිවාස කිහිපයකට සුලු හානි සිදුව ඇති අතරම මුලතිව් මුල්ලියාවලෙයි  ප්‍රධාන මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතුද අඩාල වී ඇති අතර යුද හමුදාව එක්ව වැටුනු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටිති.

මේ අතර යාපනය නේඩුන්තීවු ප්‍රදේශයටද අධික සුලි සුලං තත්වයක් බලපා ඇති අතරම ධීවර යාත්‍රාවලටද හානි සිදුව ඇති බවට ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටින අතරම යාපනය පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකුද මේ දක්වා අතුරුදහන්ව ඇති බවටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන කාර්යාලයන් මගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka