gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සීනි ජාවාරම නිසා සතොස සභාපති ධූරයෙන් ඉවත් කරයි !

කුප්‍රකට ජාවාරම්කාර සමාගමක් සමග එක්වී සිනී ජාවාරමෙන් රජයට රුපියල් කෝටි ගණනක් අලාබයක් සිදුකළ බවට පසුගිය දිනවල දී චෝදනා ලද නුෂාඩ් පෙරේරා වහාම ක්‍රියාත්මකවන පරිදි සතොස සභාපති ධුරයෙන් ඉවත් කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කටයුතු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්මත මේ ඉවත් කිරීම සිදු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සතොස වැඩබලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධ මහත්මිය පත්කර තිබේ.

නුෂාඩ් පෙරේරා, ලක් සතොස ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කරන අතර ඔහුට එම තනතුරින්ද ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍යංශය විසින් දැනුම් දීමක් කර ඇතැයි පැවසේ.

නුෂාඩ් පෙරේරා මෙන්ම අදාල ජාවාරම්කරුවන් ජනාධිපතිවරයාගේ නම විකුණමින් වෙළඳ අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් බිය ගන්වමින් සිය ව්‍යාපාරික ජාවාරම් කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බව මේවන විට හෙළිව ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ජනාධිපතිවරයා හමුවී ඒ සම්බන්යෙන් කරුණු දක්වමින් සිය කනස්සල්ල පළකර තිබූ බවද එම වාර්තාවල දැක්වේ.

ඒ අනුව සීනි ජාවාරමට සම්බන්ධ ජාවාරම්කාරයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් සොයා බලා තමා වෙත වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි අංශවලට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

රට මංකොල්ල කෑමට ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට ඉඩ දී ඇතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේනතුවේදී ද චෝදනා කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka