gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ එක රටක් - එක නීතියක් සංකල්පය අනුව අපි පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා - වීරසේකර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක රටක් - එක නීතියක් යන සංකල්පය අනුව තමන් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන බවත් රජය නුදුරේදීම එම තීරණයට එළඹෙනු ඇති බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. 

"ජනාධිපතිගේ සංකල්පය අනුව එක රටක් - එක් නීතියක් නම් පළාත් නවයේ නීති නවයක් තියෙන්න බෑ. එතනින්ම අපි පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒක රජයක් විසින් ගතයුතු තීරණයක්. ඒ තීරණය රජය ළඟදීම ගනීවි. 
මම හිතන්නේ අලුත් ව්‍යවස්ථාවක් දැන් සම්පාදනය වන නිසා ඒ ව්‍යවස්ථාව එනතුරු පළාත් සභා ඡන්දය තියන්න ඕනෙ නැහැ කියන මතයේ තමයි මම ඉන්නේ. මොකද ඒ ව්‍යවස්ථාවෙන් යම් යම් නීති රීති ගෙනෙයි පළාත් සභාවලට තියෙන විෂයන් සම්බන්ධයෙන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka