ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තනතුරෙන් පහකර සභාපති අසුන පැහැරගැනීමටත් ඒ හරහා පලාත් සභා මැතිවරණයට සුදුසුකම් ලබාගැනීමට කෙටි මංපෙත් විවරකර ගැනීමටත් අවශ්‍යවී තිබුනේ පොහොට්ටුවේම තදියං කාර දේශපාලකයෙකුට බව කවුරුත් දන්නා කරුණකි .
තමාගේ පටු පෞද්ගලික දේශපාලනික අරමුණ පෙරදැරිව එකී දේශපාලකයා සිය මෙහෙයුම දියත්කරන ලද්දේ මීට මාස තුන හතරකට පෙර සිටමය.
මේ සඳහා ඔහු තෝරාගෙන තිබුනේ ප්‍රදේශීය සභාවේ වාර්ෂික අයවැය පරාජයට පත්කිරීමයි...
එහිදී ඔහු පොහොට්ටුවේම තවත් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාගනිමින් පොහොට්ටුවේම සභාපතිවරයා පරාජය කිරීමට කැසකවන ලද්දේ කෙටි කලකදී ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන සිටින නව දේශපාලන පක්ශයක්වු ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ඒ හේතුවෙන් සිදුවන අපකීර්තිය තුට්ටුවකටවත් මායිම් නොකරමිනි
කෙසේ වෙතත් මෙම ක්‍රියාවට දිස්ත්‍රික් නායකත්වයෙන් මෙන්ම පක්ෂ මූලස්ථානයෙන්ද දැඩි විරෝධතාවයක් එල්ලවුවත් ඉතා අවාසනාවන්ත ලෙස පොහොට්ටුවේ මන්ත්‍රීවරු සිව් දෙනෙකු අයවැය තුන්වන වර කියවීමේදී හෙවත් තීරණාත්මක අවස්ථාවේ දී ද පොහොට්ටුවේම සභාපතිවරයාට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලද්දේ අයවැය විවාදයේදී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද සියලුම යෝජනාවලට සභාපතිවරයා එකඟත්වය ප්‍රකාශකර සිටියදී වීම කණගාටුවට කරුණකි.
අවසානයේදී හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහයෙන් අය වැය යෝජනා වැඩි ඡන්ද පහකින් සම්මත වූ අතර මේ වන විට සාධාරණ හේතුවක් නොමැතිව පොහොට්ටුවේ සභාපතිවරයාට එරෙහිව ඡන්දය පාවිච්චි කල පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සිව් දෙනා ගේ මන්ත්‍රී ධූර අහෝසි කිරිමේ හැකියාවක් ඇති බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණු මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
බන්ධුල සුබසිංහ.