මතභේදයට තුඩුදුන් බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම ආරම්භ කර පවත්වා ගෙනයාමේදී අනීතික ක්රියා රැසක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා විසින් මුල්වරට අනාවරණය කරගෙන තිබේ.
එහි ඇතැම් අනීතික ක්රියා නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට ද විගණන වාර්තාවෙන් නිර්දේශ කර තිබීම විශේෂ සිදුවීමකි.
එමෙන්ම මෙම ආයතනය ඉදිකිරීමේදී සිදුවූ අක්රමිකතා හේතුවෙන් කාත්තන්කුඩි නගර සභාවට අහිමි වූ රුපියල් ලක්ෂ 85කට ආසන්න මුදල නැවත අයකර ගැනීමට ද විගණකාධිපතිවරයා සිය විශේෂ විගණනයෙන් නිර්දේශ කර ඇත.
