gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුමින්ද නිදහස් කරන්නම ඕනෑ.. බැසිල් පාර්ලිමේන්තු එන්නම ඕනෑ.. තවත් මේවා අතගගා ඉන්න ඕන නෑ - අරුන්දික

රණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීමටත් කටයුතු කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

දුමින්ද සිල්වාට ලබාදී ඇත්තේ දේශපාලන තීන්දුවක් බවත් යහපාලන රජය විසින් අධිකරණයට බලපෑම් කර එම දඬුවම නියම වූ බවද ඔහු පැවසීය.

නීතිය සාධාරණයට ගරු කරන රජයක් ලෙස දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපති තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුම බව ද පැවසූ ඔහු 2015ට පෙර පැවති රජයේ ග්‍රාමීය ආර්තිකය ගොඩනැගීමේ ගෞරවය හිමි වන්නේ බැසිල් රාජපක්ෂ මහතාට බවද ඔහු සඳහන් කළේය.

එනිසා දැන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය භාර ගත යුතු බවද ඔහු කියා සිටියේය.

තවදුරටත් මේවා අතගගා සිටිය යුතු නැතැයි ද ඔහු එහිදී අවධාරණය කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka