gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊළම පස්සේ ගියොත් කිසිවක් ලැබෙන්නේ නෑ... ආණ්ඩුවට දෙන දේකින් සැනසෙමු – ආනන්ද සංගරී

තුරු නැගෙනහිර දෙමළ ප‍්‍රශ්නයට හා ජනවාර්ගික ප‍්‍රශ්නයට නියම විසඳුමක් ලබා ගැනීමට වත්මන් දෙමළ නායකයින්ට කිසිසේත් හැකියාවක් නොමැති බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී පවසයි.

කිලිනොච්චියේ දී පසුගිය 11 වෙනිදා මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ 1948 වසරේ සිට දෙමළ දේශපාලන නායකයින් මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කළ නමුත් ඒ නායකයින්ගේ යෝජනා හා ඉල්ලීම් ඉතාම බරපතළ වූ බැවින් කිසිදු රජයක් ඒ දෙස නොබැලූ බවයි.

බහු වාර්ගිකයින් ජීවත් වන රටවල මෙවැනි අර්බුද විසඳා ගැනීම සඳහා තනි හෝ වෙනම පාලන ක‍්‍රමයක් කිසිසේත්ම සුදුසු නොවන බවත්, කිසිදු පාලකයකුට එවැනි විසඳුමක් ලබා දීමට හෝ ඊට කැමති වීමට නොහැකි බවත් කී ආනන්ද සංගරී දෙමළ ජාතික සන්ධානය විසින් ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කෙරෙන අන්දමට ඉදිරිපත් කරන විසඳුම ඉවත ලා රජයකට ලබාදිය හැකි විසඳුමක් ඉල්ලා සිටිය යුතු බවද සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පරිණත දේශපාලන නායකයින් කීප දෙනකු ඉතිරිව සිටින මෙවැනි අවස්ථාවක රජයෙන් ලබා දෙන යමක් පිළිගෙන කටයුතු නොකරන්නේ නම් ළා බාල දෙමළ දේශපාලනඥයින්ට අනාගතයේ දී කිසිවක් නොලැබෙන බව ප‍්‍රකාශ කළ ආනන්ද සංගරී මේ තත්ත්වය නිසා ඉදිරියේදී බිහිවන දෙමළ පුරවැසියන්ට පවා මේ ප‍්‍රශ්නය ඉතිරි වන බව ද ප‍්‍රකාශ කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka