gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනා

ධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට විපක්ෂයට එක්වන ලෙස ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව තමන් සමග එක්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

අද ලෝකයේ රටවල් 184 ම කොරෝනා මෘත දේහයන් භූමදානය කරද්දි ශ්‍රී ලංකාවේ පමණක් ආදාහනය කරන්නේ මුස්ලිම් ජාතිකයන් සමග ඇති වෛරයක් හේතුවෙන් යයිද ඔහු සඳහන් කළේ ය.

එනිසා තම ජාතිකයන්ට සාධාරණයක් ඉටු කර දීමට අධිකරණ අමාත්‍යවරයාට නොහැකි නම් විපක්ෂය සමග එක්වන්නැයි ආරාධනා කරන බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා මෘත දේහයන් ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka