gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නුවරඑලිය මාර්ග බාධකයක අහඹු පරික්‍ෂාවලින් කොරෝනා ආසාදිතයන් 81ක් හමුවෙයි..

ල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂවලදි 26වන දින කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමු විමත් සමග එම ස්ථානයේ කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂවලින් කොවිඩ් 19 ආසාදිතයන් 81 දෙනකු හමුවි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

බස්නාහිර පලාත ඇතුළු විවිධ ප්‍රදේශවල සිට අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පැමිනෙන පුද්ගලයන් කලුගල මාර්ග බාධකය අසලදි අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති අතර එම පි. සි. ආර්. පරික්ෂන මත මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුවි ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ හමුවන කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අය බවත් තවත් පිරිසක් කොටගල, ලිදුල, නාවලපිටිය, යන ප්‍රදේශවල අය බවද ඔහු පවසන ලදි.

මෙම අහඹු පි. සි. ආර්. පරික්ෂන සාර්ථකවි ඇති බවත් ඒ අනුව ඉදිරියේදිද මෙම ස්ථානයේ සිදු කරනු ලබන පි. සි. ආර්. පරික්ෂන වැඩි කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා හැටන්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka