gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් දේහ තැන්පත් කිරීමට කන්ටේනර්: මුස්ලිම් දේහවලට 5ක්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති දැයි PCR පරීක්ෂණ සිදු කරන තෙක් මිය යන සිරුරු තැන්පත් කර තබා ගැනීම සඳහා සීත පහසුකම් ඇති කන්ටේනරයක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලයට ලබාදී තිබේ. ඒවා පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බව වාර්තා වේ.
(ඡායාරූප - නලින් හේරත් මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.)




















මුස්ලිම් සිරුරු කල් තබා ගන්න සීත කන්ටෙනර් 5ක් ඉල්ලයි

මේ අතර, කොඩිඩ් -19 වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් අයගේ මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධ අවසන් තීරණයක් ලැබෙන තෙක් එම මළ සිරුරු සුරක්ෂිත කිරීම සඳහා ශීත ගබඩා ඇති කන්ටේනර් 5ක් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් ඉල්ලා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අදාළ ඉල්ලීම කර තිබුණේ ඉකුත් 16 වැනිදා වන අතර ඒ පසුගිය 14 වැනිදා අග්‍රාමාත්‍යවරයා හා විශේෂඥ කමිටුව අතර පැවැති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුවය.

අදාළ, කන්ටේනර් කොළඹ, කළුතර, මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත හා මීගමුව හා කල්මුණේ (අෂ්රෆ් අනුස්මරණ) රෝහල් වෙත ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ඉල්ලා තිබිණි.
මෘතශරීර වලට දක්වන ගරුත්වය මෙන්ම කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සලසා ගැනීමද යන කරුණු කාරනා ප්‍රමුඛ කර මේ ඉල්ලීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සිදුකර ඇති බව පැවසේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවන්හිදී ද කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලයට මෙලෙස අමතර අධිශීතාගාරයක් උපයෝගී කරගෙන තිබිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නිආරච්චි මහත්මිය, සෞඛ අමාත්‍යංශ ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) ඇතුළු වගකිවයුතු නිලධාරීන් වෙත යොමුකරන ලද ලිපිය පහත දැක්වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka