gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනි. | ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු. Video

වසංගතවලින් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමිදානය කළහොත් සිදුවන අවදානම් තත්වය පිළිබඳව තමන් මහාචාර්යවරියක් ලෙසත් තමාගේ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් ඇත්තේ ජල භූ විද්‍යාව ආශ්‍රිතව වීම හේතුවෙනුත් ඈත අතීතයේ සිටම මෙවැනි කරුණු සම්බන්දයෙන් ඇති විද්‍යාත්මක සටහන් පරිශීලනය කර ඇති බැවිනුත් කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමිදානය කිරීම අවදානම් බවට මතයක් ප්‍රකාශ කළ බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කර සිටිනවා.

වෙනත් රටවල භූමිදානය කරනවානම් අපිට බැරි ඇයි ?

අනෙක් රටවල භුමි ප්‍රමාණය ඉතා විශාලයි. ශ්‍රී ලංකාවේ ජන ගණත්වය ඉතා අධිකයි. ඊට අමතරව ලංකාවේ භූ විෂමතාවයට අනුව ගංගා විශාල ප්‍රමාණයක් රට පුරාම අරියව විහිදෙනවා. ලංකාවට ලැබෙන වර්ෂාපතනය සහ උෂ්ණත්වය ඉහලයි. සුවිශේෂිතම කාරණය වන්නේ අනෙක් රටවල් භූගත ලිං ජලය භාවිතා කරන්නේ නෑ. අපේ රටේ ලිං ජලය පානය කරනවා. අනෙකුත් එදිනදා කටයුතුවලට යොදා ගන්නවා. අනෙක් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ තිබෙන්නේ සුවෙශේෂී තත්වයක්. අපේ රටට අනන්‍ය වූ භූ විෂමතාවයක් තිබෙන්නේ.

අදහස් ප්‍රකාශ කරන්න, භූමිදානය පිළිබඳව පර්යේෂණ කරන්න ඕනිද?

නැහැ. අපි විද්‍යාඥයෝ ලෙස අදහස් පළකරන්නේ ලෝකයේ දැනට පලවෙලා තියෙන පර්යේෂණ පත්‍රිකා ඇසුරු කරගෙන. මම ජල භූ විද්‍යාඥයෙක් ලෙස ජල භූ විද්‍යාවට අදාළ සියලුම දේ පිළිබඳව පර්යේෂණ නොකරන්න පුළුවන් නමුත් අපිට විද්‍යාත්මක පර්යේෂණවල දත්ත තිබෙනවා. විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව අවබෝදයක් තිබෙනවා. පර්යේෂණයට පෙර ලෝකයේ මීට ඉහතදී සිදුකර ඇති පර්යේෂණයන්හි පර්යේෂණ පත්‍රිකා කොහොමත් අපි කියවනවා. මම සිදුකර ඇති ප්-අර්යේෂණ මත ජල භූ විද්‍යාවට අනුව භූගත ජලය දුෂණය වන ආකාරය දුෂණය වුවහොත් කලයුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඉතා හොඳ අවබෝදයක් තිබෙනවා.

අඩි 5ක් යටට දැම්මහම කොහොමද වෛරසය බෝ වෙන්නේ?

විද්‍යාත්මක පරීක්ෂණ කරන්න කරන්න අපිට ලැබෙන දත්ත වෙනස් වෙනවා. මේ වෛරසය වතුරෙන් සම්ප්‍රේෂණය වන බවක් දැනට සොයාගෙන නැහැ. නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ වතුරෙන් සම්ප්‍රේෂණය වන්නේ නැහැ කියලා. නැත්නම් මේ වෛරසය වතුරට ගිහිල්ලා ඒ වතුර පානය කිරීම හේතුවෙන් ලෙඩ රෝග වැළඳෙන්නේ නැහැ කියන එක තවම හොයාගෙන නැහැ. නැහැ කියන එකෙන් අපිට කියන්න බැහැ වැළඳෙන්නේ නැහැ හෝ වැළඳෙනවා කියලා. අපි දැන් ඉන්නේ අවිනිශ්චිත තත්වයක. මේ වෛරසය වතුරට එකතුවූ විට අක්‍රියව පවතින්න පුළුවන්. වතුර මගින් ශරීරයට ගියහොත් ක්‍රියාකාරී වන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ අපි නොදන්නා කරුණු මෙතැන වැඩි නිසා. දන්නේ අධික උෂ්ණත්වයේදී මේ වෛරසය විනාශ වනවා කියන එක නිසා ඒ දන්නා ක්‍රමවේදය අපි යොදාගත යුතුයි කියන එක කියන්නේ ඒ නිසයි.

මළ සිරුරක් වලදම්මොත් කිලෝ එකකට ලීටර එකක් ඕජස් වහනය වෙනවා. කිලෝ 60ක සිරුරක් වල දැම්මොත් ලීටර 60ක ඕජස් වහනය වෙනවා. මේවා ලිං ජලයට එකතුවෙන බව සුසාන භුමි ආශ්‍රිතව වසර 20කට පෙර කැනඩාවේ සිදුකල පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා. ඒ නිසා තමයි සුසාන භුමි ආශ්‍රිතව ලිං භාවිතා නොකරන්නේ සහ සියලුම සුසාන භූමිවල ආදාහනාගාර ඉදිකර තිබෙන්නේ.

අපිට වඩා මුහුදු මට්ටම අඩු රටවලට නැති ප්‍රශ්නයක් ඇයි අපේ රටට.

මම පශ්චාත් ආචාර්ය උපාධිය හැදෑරුවේ නෙදර්ලන්තයේ. නෙදර්ලන්තයේ සහ මාලදිවයිනේ භූගත ජලය පරිභෝජනය කරන රටවල් නොවෙයි. ඔවුන් පරිභෝජනය කරන්නේ මුහුදු ජලය නිර්ලවනිකරණය කරලා. නමුත් ලංකාවේ භාවිතා කරන්නේ ලිං ජලයයි. එනිසා මේ රටවල් සහ ලංකාව අතර තත්වය වෙනස්.

කොරෝනා රෝගීන්ගේ මලමුත්‍ර පරිසරයට මුදා හරිම හරිද?

කොරෝනා රෝගීන්ගේ මලමුත්‍රවලින් මේ වෛරසය පිටවෙනවා. අපි පරෙස්සම් වියයුතුයි රෝගීන්ගේ ද්‍රව්‍ය බැහැර කිරීමේදී අපි පරෙස්සම් විය යුතුයි.

කොරෝනා රෝගීන්ගේ අපද්‍රව්‍ය විශාල කාලයක් ගතවෙන්නේ නෑ. නමුත් මළ සිරුරු ජීර්ණය වීමට විශාල කාලයක් ගත වෙනවා. විශාල කාලයක් පුරාවට ඕජස් ගලනවා. විද්‍යාත්මක පරීක්ෂණ කියන්නේ ටිකක් කල් ගත වෙනවා. පරීක්ෂණවලින් තහවුරු කරගන්නා තුරු නොදන්නා දෙයක් කරලා අමාරුවේ නොවැටිය යුතුයි කියන එක තමයි මගේ අදහස.

උදාහරණයක් ලෙස ඩෙන්මාර්කයේ, ස්වීඩනයේ ලොම් සඳහා ඇතිකරන මුගටි විශේෂයකට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ රටවල මේ මුගටින් විශාල ප්‍රමාණයකින් මරා දමමින් සිටිනවා. ලංකාවෙත් ඉන්නවා මුගටි වගේ පොලව හාරන මීයන්. අපි භූමිදානය කිරීමෙන් පසුව මළ සිරුරකින් මී ගහනයට වෛරසය ආසාදනය වුනොත් මොකද කරන්නේ. ඩෙන්මාර්කයේ මුගටි මරනවා වගේ මී ගහනය වනසන්න අපිට පුලුවන්ද? ඒ නිසා හොඳින් හිතා මතා තීරණ ගත යුතුයි. මොකද මේ වෛරසය පිළිබඳව අපි දන්නා කරුණු ඉතා අල්පයි.

මන්නාරම භූමිදානය කලාට කමක් නැද්ද?

තලෙයි මන්නාරම වගේ දුපතක් ගත්තොත් වැලි පසක් තිබෙන්නේ. කල්පිටියට සමානයි. කල්පිටියේ ගොවීන් පසට එකතු කරන පොහොර ඉතා ඉක්මනින් භූගත ජලයට එකතු වෙනවා. වැලි සහිත පසක් තිබෙන නිසා මන්නාරමේ ද ඉතා ඉක්මනින් ද්‍රව්‍ය පසට එකතු වෙනවා.

මන්නාරම ප්‍රදේශයේ තිබෙන්නේ හුණුගල් තට්ටුවක්. ඉතා විශාල හුණුගල් කුහර තිබෙනවා. මේ කුහර එකිනෙකට සම්බන්ධයි. භූගත ජලය මේ කුහරවල පිරිලා තිබෙන්නේ. ඒ වගේ අවස්ථාවක අපි භූමිදානය කළහොත් ඉතා ඉක්මනින් මේ භූගත ජලයට එකතුවෙන්න පුළුවන්.

නිදර්ශනයකට ගන්න පුළුවන් යාපනයේ චුන්නාකම් කියන ප්‍රදේශයේ තිබුන ඩිසල් විදුලි බලාගාරයකින් ඉන්දන පසට එකතුවෙලා තිබුනා. එම ස්ථානයේ සිට කිලෝමීටර 5 කට එහායින් තිබුණු ලිංවලින් මේ ඩිසල් මතුවෙන්න ගත්තා.

භූගත ජලය දුෂණය වීම ඉතා දරුණු තත්වයක් මොකද භූගත ජලය අපිට පිරිපහදු කරන්න බෑ.

ජේෂ්ඨ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ සම්පුර්ණ අදහස් දැක්වීම පහතින්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka