gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා සමාජගත වී අවසන්.. කොළඹ තත්වය ඉතාම බරපතලයි.. ලංකාව ඉහලම අවදානමක..- මෙරට ජ්‍යෙෂ්ඨතම වෛරස විද්‍යාඥයා කියයි.. [Video]

කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග තීරණය ගත් තීන්දු තීරණ ගන්නා කිසිදු කමිටුවක් ආයතනයක් මෙතෙක් තමන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදු කර නැතැයි මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

තමන් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම සහ ප්‍රධානතම වෛරස විද්‍යාඥයා බව පවසන ඔහු තමන්ගේ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කරන ලද්දේ වෛරසවේදය පිළිබඳව යයිද පවසයි.

අද වන විට කොරෝනා සමාජ ව්‍යාප්තියක් සිදුවී අවසන් බවත් ශ්‍රී ලංකාව බරපතල අවධානමක් පවතින බවත් මෙවර වෛරසය ඉතාම ප්‍රබල බවත් ඒ මහතා සඳහන් කරයි.

මෙරට වෛරසය පාලනය කරන ආකාරයේ ගැටලූ ඇති බව පෙනී යන නමුත් ඒ කිසිවක් පෙන්වා දීමට තමන්ට අවස්ථාවක් නැති බවත් ඔහු කියා සිටියේය.

යම් නිවැරදි ආකාරයකින් කටයුතු වෛරසය පාලනය කළ හැකි බවට තමන් විශ්වාස කරන බව නමුත් කොළඹ තත්ත්වය ඉතාම බරපතළ බවත් පෙන්වා දෙයි.

මෙම වෛරසය මැඬලීම සඳහා එන්නතක් ගැන බලාපොරොත්තුවක් තවත් වසර තුන හතරක් යනතුරු තබා ගැනීමට නොහැකි බවත් එසේ සොයාගත්තද ලංකාවට ඉතා ඉක්මනින් ලැබේවි යැයි සිතන්නට නොහැකි බවත් ඔහු කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka