යුද හමුදා සාමාජිකයන්ගේ මැදිහත්වීම මත ඉදිවන ලංකාගම-නෙළුව මාර්ගයේ මේ දක්වා අවසන් කර ඇති කොටස සම්පූර්ණයෙන් අසාර්ථක බවට සමාජ ජාලා මාධ්‍ය හරහා පැතිර යන කටකතා සම්පූර්ණ අසත්‍ය බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මෙම මාර්ගය ප්‍රමිතියෙන් තොරව ඉදි කිරීම හේතුවෙන් සහ පරිසරයට හානි වන පරිදි ඉදි කිරීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවට සංවිධානාත්මක කණ්ඩායම් විසින් අසත්‍ය පුවත් පතුරුවා හරින බවද ඇමතිවරයා පවසනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා අදාල මාර්ග ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේදී මේ බව සඳහන් කළේය. සත්‍ය තත්වය පැහැදිලි කරමින් ඇමතිවරයා සිය ෆේස්බුක් පිටුව හරහා වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
ඉතිහාසය පුරාම රණවිරුවන්ට, යුද ජයග්‍රහණයේ විරුවන්ට අපහාස කළ බවත් අද මේ දියත් වන්නේද එම උත්සාහයේම තවත් එක් පියවරක් බවත් ඇමතිවරයා පවසනවා. රණවිරුවන්ට මේ සිදු කරන අපහාසය දැඩිලෙස හෙළා දකින බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා පවසනවා.