රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරක් සිදුකිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙර පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් බම්බලපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තිබුණේද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේම පුත්‍රයෙක්.
නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණා.
අදාළ ජීප් රථය නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් දිවෙන නිදහස් මාවත අසළ පිහිටි පෞද්ගලික මොටර් රථ ප්‍රදර්ශනාගාරයක ගැටී තිබුණු අතර, ඒ හේතුවෙන් ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි සිදුව තිබුණේ මෙලෙසින්.
අනතුරෙන් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ අලෙවියට තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුව තිබුණා.
අනතුර සිදුවී සුළු වේලාවකට පසු එම මෝටර් රථයේ අංක තහඩු ඉවත් කිරීමට පුද්ගලයෙකු කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණා.
අනතුර සම්බන්ධයෙන් සැකපිට නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, ඉකුත් වසරේ පෙබරවාරි මස 24 වැනි දින බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්කරමින් බම්බලපිටිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා සිදුකළ අනතුරක් වාර්තා වී තිබුණා.
එම අනතුරට අදාළ ඩිෆෙන්ඩර් රථය පදවා තිබුණේද නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා විසින්.
