සමගි ජන බලවේගය පක්ෂය පවත්වාගෙන යන්නේ නිසා රිෂාඩ් බදියුදීන්ගේ කළු සල්ලිවලින් බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
එම පක්ෂයේ මැතිවරණ වියදම් ද සියලූ වියදම් සිදු කරන්නේ රිෂාඩ් බදුර්දීන් බවත් පැවැසූ ඇමැතිවරයා තමනට ඒ බව ඔප්පු කිරීමට සියලු සාක්ෂි ඇතැයිද කියා සිටියේය.
පසුගිය මහ මැතිවරණයේ දී සහ ජනාධිපති ජනාධිපතිවරණයේදී ලබාදුන් මුදල් සහ සියළු බැංකු ගිණුම්ද පිළිබඳව සාක්ෂි තමන් සතුව ඇති බවත් ඔහු පැවසදීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අයවැය කාරක අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.
