gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ නගරයම හැකිනම් වහන්න... 4300කට කොරෝනා - නගරාධිපතිනි රෝසි

කොළඹ නගර සීමාවේ දරුණු ලෙස පැතිර යන කොරෝනා අවදානම වැළැක්වීමට නගරය දින 11ත් 21ත් අතර කාලයකට වසාදැමිය යුතු බවට රජයට යෝජනා කරන බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඊයේ  (17) ප්‍රකාශ කළාය.

 නගරයේ වෙසෙන අහිංසක ජනතාවගේ ජීවිත බේරාගැනීම සඳහා සංචරණයේ දැඩි පාලනයක් සිදුකිරීමට බලධාරීන් ක්ෂණික පියවර ගත යුතු බවද ඇය සඳහන් කළාය. නගර සභාවේ සේවකයෝ 200කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති අතර, නගර සීමාවේ පමණක් ආසාදිතයන් 4300ක් පමණ වාර්තවී ඇතැයි ද ඇය කීවාය.

කොළඹ නගරයේ මැතිවරණ කොට්ඨාස  5කින්ම කොරෝනා ආසාදිතයන් හමුවී  ඇතැයි පොලිස් බල ප්‍රදේශ 12ක් දැනටමත්  වසාදමා ඇතැයි ද ඇය පැවසුවාය.  වසාදමා ඇති ප්‍රදේශවලින් පමණක් කොරෝනා මරණ 25ක් වාර්තා වීම මෙහි භයානක බවට එක් සාධයක් පමණක් බවද  ඇය කීවාය.  නගරයේ එක් කොටසක් වසා දමා අනෙක් ප්‍රදේශ විවෘත කර තැබීමෙන් වසා දැමූ ප්‍රදේශවල ජනතාව අනෙක් ප්‍රදේශවල සංචරණයේ යෙදීම සුලබ දසුනක් වී ඇතැයිද නගරයේ ප්‍රධාන පුරවැසියා හැටියට නගරයේ වෙසෙන ලක්ෂ හය හමාරකගේ ජීවිතවලට තමන් වගකිව යුතු යැයිද පෙන්වා දුන්නාය.


 -ජයන්ත සමරකෝන්-


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka