gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය අදානි සමාගම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ගිවිසුමක් සූදානම් !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දීය අදානි සමාගම සූදානම් වෙමින් සිටින බව බවට ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. මෙම ව්‍යාපෘතිය බහුතර කොටස් හිමිකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දරනු ඇති බවත් ඒ සම්බන්ද ගිවිසුම් අත්සන් කිරීම සදහා අදාල සමූහය සහ දේශීය හවුල්කරුවෙකුට ප්‍රතිපත්තිමය අනුමැතියක් ලැබී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

ශ‍්‍රී ලංකාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා වරාය විරෝධතා හේතුවෙන් නැවතුණු බවත් දැන් නැවතත් එම ව්‍යාපෘතිය සමාලෝචනය කර කොටස් හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු සකස් කරමින් පවතින බවත් එම වාර්තාවේ සඳහන්ය.

ඉන්දියාවේ විශාලම වරාය හා සැපයුම් සමාගම වන අදානි සමූහය පසුගිය වසරේදී මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූලික ගිවිසුමක් අත්සන් කර ඇතැයිද වාර්තාවේ තවදුරටත් සඳහන් ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka