කොරෝනා ආසාදිතයන් රෝහල්ගත කිරීම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසකට පහරදීමක් සිදුවී තිබේ.
එහි හදුනාගත් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු රෝහල්ගත කිරීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ඊයේ දිනේදී තවත් ආසාදිතයන් දස දෙනෙකු එම ප්‍රදේශයෙන්ම තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන් 18 දෙනා රෝහල්ගත කිරීමට උත්සාහ කිරීමේදී පෙර පරිදිම කලහකාරී ලෙස හැසිරී තිබේ.
ඒ අවස්ථාවේ පොලිසිය සහ ආරක්ෂක අංශ පැමිණ මහත් පරිශ්‍රමයකින් පසු ඊයේ සවස් වන විට ඔවුන් රෝහල්ගත කර තිබේ.
