අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද විභාගයකින් අනතුරුව හිටපු ශ්රී ලංකා ක්රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා වරදවල් තුනකට වැරදිකරු වී තිබේ. වසර 2018 නොවැම්බර් මාසයේදී ඔහුට එරෙහිව චෝදනා ගොණු කෙරුණි.
නුවන් සොයිසාට තවදුරටත් තරග තහණමක් ක්රියාත්මක වන අතර පණවන දඩුවම් කවරේද යන්න ඉදිරියේදී ප්රකාශයට පත් කිරීමට නියමිතය.
තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුලු චෝදනා කිහිපයක් ඔහුට එල්ලවී තිබේ.
අයි.සී.සී.ය නුවන් සොයිසාට එරෙහිව දක්වා ඇති චෝදනා පහත දැක්වේ.
