හලාවත මාළු වෙළඳසැල ආශ්‍රිතව අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදී ආසාදිතයන් හතර දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ හේතුවෙන් එම මාළු වෙළඳසැල හෙට දින සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලීසිය සමග නගර සභාවේ දී පැවති සාකච්ඡාවෙන් පසුවයි.
