මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුව කිසියම් කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. රජය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද මෙම ගැටුමට හේතු වූ බව ද ඇය සඳහන් කළාය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇමතිනිය මේ බව හෙළි කර සිටියායමෙම මෙම තත්වය ඇති කිරීම සඳහා බාහිර පාර්ශවය සහ නිළධාරීන්ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසූ ඇය ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද සඳහන් කළාය.
මෙම ගැටුම මගින් උත්සාහ කළේ කොරෝනා වසංගතයේ පිට දමා බන්ධනාගාරවල සිටින අය එළියට පැමිණීම බවද ඇය තව දුරටක් කියා සිටියාය.
