ඇමරිකා එක්සත් ජනපදයේ ඡන්දය ගණන් කිරීමේදී වංචාවක් සිදු වන බවත් සියලු ඡන්ද ගණනය කිරීම් නැවැත්විය යුතු බවත් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරණයේ පුරෝකතනය කරන ලද ප්‍රතිඵල වලට අනුව මේ වන විට ජෝ බයිඩන් ඉදිරියට පැමිණ ඇති පසුබිමක ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
”මිලියන ගණනක් ජනයා අපට ඡන්දය දුන්නා” ට්‍රම්ප් නැගෙනහිර කාමරයේදී එස් පවසා ඇති බව වාර්තා වේ. ඉතා අවාසනාවන්ත පිරිසක් ඒ ජනතාවගේ ඡන්ද අයිතිය වංචා කිරීම්ට උත්සාහ කරනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය නොමඟ යවන සුළු ප්‍රකාශක් සහ මුළුමනින්ම අසත්‍ය ප්රකාශයන්ගෙන් සමන්විත වූ බව ඇමරිකානු මාධ්‍ය පවසයි.