තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කැළණිය ප්‍රදේශයේ මියගොස් ඇත්තේ 45 වියැති පුද්ගලයෙක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේදී මරණය සිදුව ඇත. ඔහුගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා උත්සන්න වීමෙන් ඇති වූ හෘදයාබාධයකි.
අනෙක් පුද්ගලයා 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ එක් කොරෝනා ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයකි.
මේ අනුව මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ යයි. අද දිනයේ මරණ 03ක් වාර්තා වී ඇත.
