gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වේ !

වත් කොවිඩ් ආසාදිත මරණ 05ක් අද (05) දිනය තුල වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (05) කොවිඩ් මරණ ලෙස වාර්තා වූ පුද්ගලයින් 05 දෙනාගේ තොරතුරු පහත පරිදි වෙයි.

01. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ දී ඊයේ (04) දින මිය ගොස් ඇත. එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයෙන් ද පෙළී ඇත.

02. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (04) දින මියගොස් ඇත.

03 කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා සිදු වූ හෘදයාබාධයකි.

04. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් සිදු වූ පෙනහලු ආසාදනයකි.

05. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙකිත සිය නිවසේ දී මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

එම මරණයන් පිළිබදව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka