කොරෝනා වසංගතය තවත් මාස හතරකින් මෙරටින් තුරන් වුණු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.
මේ සමගම විපක්ෂයට කොරෝනා සටන් පාඨයද අහිමි යන බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ කොරෝනා වෛරසය සමග තවත් වසර තුන හමාරක් ගත කිරීමට සිදුවන බවයි.
