තමන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණි බව සිංහලයේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසති. නීතිඥ සහාය නොමැතිව තමන් ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ බවද උන් වහන්සේ චෝදනා කරති.
තමන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී එළි කරන ලද තොරතුරු හේතුවෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට ගිය බවද උන්වහන්සේ සඳහන් කරති.
ප්‍රබල මැදිහත් වීමක් හේතුවෙන් මෙම කඩිනම් ප්‍රශ්න කිරීම සඳහා යොමු වී ඇති බවත් උන්වහන්සේ පැවසූහ.
කෙසේ නමුත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප්‍රකාශයක් දෙන බවත් උන් වහන්සේ කියා සිටිති.
තමන් වහන්සේ විසින් හෙළිකරන ලද කාරණා සම්බන්ධයෙන් නොව තමන් වහන්සේ ගැන පරීක්ෂණ කිරීමට මෙතරම් කඩිනම් වීම විමතියට කරුණක් බවත් උන්වහන්සේ පැවසූහ.