gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වතු කම්කරුවන්ට දිනකට දහසක් ගෙවන්න බෑ - වතු සමාගම්

ඉදිරි වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැතිවරයා, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීමට යෝජනා කළද තමන්ට එවැනි හැකියාවක් නොමැති බව එම සමාගම් පවසනවා.

අගමැතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන බවයි.

වතු සමාගම් පෙන්වා දෙන්නේ තමන්ගේ දායකත්වයෙන් පමණක් දිනකට දහසක් ලබාදිය නොහැකි බවයි. ඒ සඳහා රාජ්‍ය අංශය ද ඊට දායක වියයුතු බව එම සමාගම් පෙන්වා දෙනවා.

වත්මන් රජය මීට පෙර මෙම වසර මුලදී වතු කම්කරුවන්ගේ වැටුප 1000 දක්වා ඉහළ දමන බව පොරොන්දු වුවද විවිධ හේතු නිසා එම පොරොන්දුව ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka