මීළඟ දකුණු පළාත් සභා මහ ඇමතිවරයා තමන් බව හිටපු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි. එළැඹෙන පළාත් සභා මැතිවරණයට තමන් තරඟ වදින්නේ මහ ඇමැති ධූරය අපේක්ෂාවෙන් බව ද ඔහු පෙන්වා දෙයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.
පසුගිය මහ මැතිවරණයේදී තමන්ගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් කපා දැමීමේ ජනාධිපතිවරයා විසින් බවට ද ඔහු චෝදනා එල්ල කරයි.
නමුත් ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධතාවයක් නොමැති බවද ඔහු කියා සිටියි.
නමුත් ඒ සියල්ල අමතක කර පලාත් සභා මැතිවරණයේදී පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් බවද ඔහු සඳහන් කර තිබේ.